නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී කාරයක් දුම්රියේ ගැටිලා

21

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (01) දහවල් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. පෞද්ගලික උපකාරක පන්තියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකු නංවාගෙන නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය. අනතුරු සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක සංඥා ලාම්පු දැල්වෙමින් තිබී ඇති බවත්, මෝටර් රථය දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇති බවත් පොලිසිය කීය. අනතුරෙන් මෝටර් රථයේ දකුණු පසට පමණක් හානි සිදුව තිබූ අයුරු දැකගත හැකිවිය.

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment