පරණ ක්‍රමයට ගිහින් රටට හෙටක් නැහැ අලුත් අවුරුද්දේ අලුත් ගමනක් – ජනපති කියයි

107

සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළක් එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) පැවසීය.

පැරණි ක්‍රමවේදයට අනුව යෑමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමින් ඊයේ (06දා) පැවසීය.

බංකොලොත්භාවයට පත්ව තිබූ රට මාස 18 ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා පැවසීය. එබැවින් නව ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දෙනා එක්විය යුතු බව ද පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment