ත්‍රස්ත පනත යටතේ හරක්කටා රඳවා ගැනීම නීති විරෝධියි

280

සාමාන්‍ය නීතිය යටතේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම නීති විරෝධී බවට නිගමනය කළ අභියාචනාධිකරණය ඔහු වහාම සාමාන්‍ය නීතිය යටතේ බලයලත් අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06දා) නියෝග කළේය.

තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීම නීති විරෝධී බවට නිගමනය කර වහාම සුදුසු අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා එම සැකකරු ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරු එම නියෝගය කළහ.

නීතිඥ සංජය ආරියදාස, නීතිඥ නිශාදි වික්‍රමසිංහ සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනාධි දයාරත්න මහත්මිය පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියාය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment