මෛත්‍රී ඝාතනයට තැත් කිරීමේ නඩුවෙන් DIG නාලක නිදහස්

121

එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06දා) නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. නාලක සිල්වා මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. සමාජ ක්‍රියාකාරිකයකු යැයි හඳුන්වා ගත් නාමල් කුමාර නමැත්තා විසින් ලබාදුන් ප්‍රකාශයක් අනුව එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ නාලක සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුරා වසරකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කොට පසුව ඇප මත මුදාහැර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment