මගී ආසනයක් මතම දුම්රිය මගියා මරුට

189

දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු (02) දින හැටන් දුම්රිය ස්ථානය තුළදී මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය මුල්ගම පහළ කොටසේ පදිංචිව සිටි පී. එස්. ආරුමුගම් නමැති 70 පමණ වයසැති අයෙකි.

දුම්රිය පැමිණෙන තුරු හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට විවේක ගැනීම සඳහා සකස් කර ඇති ආසනයක් මත මෙම මගියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

මියගිය මගියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.
ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment