කුඩු ජාවාරමේ පැටළුණු කාන්තාවෝ 750 ක් හිරගෙවල්වල

58

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කාන්තාවන් 750 දෙනකු මේ වනවිට බන්ධනාගාරගතවී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙම කාන්තාවන් පොලිසි ඇතුළු බන්ධනාගාර කිහිපයකම රඳවා සිටින බවද කී ඒ මහතා මේ අනුව විවිධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ කාන්තාවන් 1250 දෙනකු මෙසේ රඳවා සිටින බව ද පැවසීය.

මුදල් තණ්හාව නිසා අපරාධවලට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට තමන් පෙළඹුණු බව එම කාන්තාවෝ හැඬූ කඳුළින් පවසන බව බන්ධනාගාරය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment