යුක්තිය වැටලීම් 563 කින් සැකකරුවෝ 564 ක් කොටුවෙති

70

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරම්කරුවන්ගේ ජාලය මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ පෙරේදා (10 දා) දිනයේ සිදුකළ වැටලීම් 563 කදී සැකකරුවන් 564 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් 10 දෙනකු සැකකාරියන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඉන් සැකකරුවන් 9 දෙනකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද එම කොට්ඨාසය කියයි.

මෙම මෙහෙයුමේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී මත්කුඩු ග්‍රෑම් 115 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 68 ක්ද, ගංජා ග්‍රෑම් 246 ක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.

එම පළාත තුළ සිදුකරන ලද වැටලීම් 333 කදී සැකකරුවන් 327 දෙනකු හා සැකකාරියන් 06 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment