රස්නෙට ජලය බොන්න

193

මේ දිනවල පවතින රස්නය හමුවේ වැඩිහිටියකු ජලය ලීටර් 3 ක්ද, කුඩා දරුවකු ජලය ලීටර් 1 1/2 ක්ද පානය කිරීම ශරීරයට වඩාත් යෝග්‍ය බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසුවාය.

මීට අමතරව දෙහි යුෂ, දොඩම්, කොමඩු බීම වර්ග පානය කිරීම ඉතා සුදුසු බවද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේ ද කියා සිටියාය.

මේ දිනවල අධික රස්නයක් දැනෙනවා ශරීරයට. මෙම තත්ත්වය තුළ ශරීරයේ වතුර ප්‍රමාණය අඩුවෙන කොට ශරීරයේ සෛල විජලනය වෙනවා. ඒ තත්ත්වය තුළ ඕනෑම කෙනකුට තෙහෙට්ටු ගතියක්, නිදිමත ගතියක් එන්න පුළුවන්. තව මුත්‍රා පිටවෙන ප්‍රමාණයත් අඩුවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ දිනවල ජලය වෙනදාට බොන ප්‍රමාණයටත් වඩා පානය කිරීම වැදගත්. අව්වේ වැඩ රාජකාරි කරන අය මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment