Pure Gold by Tiesh සමග ස්ටෙෆනි අත්වැල් බැඳගනී

15

සුවිශේෂී ශිල්පීයත්වය සහ සදාකාලික මෝස්තර සඳහා කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් වන Pure Gold by Tiesh ස්වර්ණාභරණ සමාගම විසින් සිය සන්නාම තානාපතිනිය ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට පත් කීර්තිමත් මෙන්ම විවිධ ක්‍ෂේත්‍රයන්ගේ දක්‍ෂතා දක්වන ප්‍රවීන කලා ශිල්පිණියක් වන ස්ටෙෆනි සිර්වර්ධන පත් කර ඇත.

සිය ස්වභාවික රූ සපුව සහ ලාලිත්‍යය තුළින් ලොව පුරා ප්‍රශංසාවට හා ජන හදවත් දිනාගත් ස්ටෙෆනි සිරිවර්ධන විසින් සන්නාම තානාපතිනිය ලෙස තමන් පත්කිරීම පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ ප්‍රකාශ කළේය. “Pure Gold Tiesh හි සන්නාම තානාපතිනිය ලෙස පත් වීමට ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම සතුටට හා ගෞරවයට පත් වෙනවා. ටීයේෂ් සන්නාමය සමඟ මගේ සම්බන්ධයට දිගු අතීතයක් තියෙනවා. මම වසර ගණනාවක් පුරාවට එහි විශ්වාසවන්ත පාරිභෝගිකයෙක්. ටීයේෂ්හි ගුණාත්මකභාවය සැමවිටම මා ආදරය කරන සහ අගය කරන දෙයක්. සෑම ස්වර්ණාභරණයක්ම පරිපූර්ණ කිරීමට ඔවුන් දක්වන උත්සාහය සහ කැපවීම මම බෙහෙවින් අගය කරනවා යැයි ඇය පැවසීය. කැරට් 18 සහ කැරට් 22 රන් ආභරණ සඳහා කීර්තිමත් නාමයක් දිනා සිටිනPure Gold by Tiesh සිය විශිෂ්ට නිර්මාණාත්මක කෞශල්‍යය සහ මෝස්තර සඳහා සුවිශේෂී බවක් දක්වයි. මෙම සන්නාමය විසින් ඉතා අලංකාරවත් මෙන්ම පෞද්ගලිකත්වය විදහා දක්වන සිත් ඇදගන්නාසුළු කරාබු, මාල, වළලු සහ මුදු නිර්මාණ රැසක් ප්‍රදර්ශනය කරන අතර මෙම නිෂ්පාදන රෝස රත්තරන්, සුදු රත්තරන් සහ කහ රත්තරන් යන වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment