සී. ආර්. සහ මහනුවර ජය පැන් බොයි

60

නිපෝන් පේනට් කුසලාන රග්බි

“නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ තීරණාත්මක තරග 02 කින් ජයග්‍රහණ සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කළ අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පිලට එරෙහිව පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සමත් වූයේය.

ඒ අනුව මහනුවර හමුවේ හැව්ලොක්ස් පිල ලකුණු 19 – 15 ක් ලෙස ද සී. ආර්. පිල හමුවේ සී.එච්. පිල ලකුණු 32 – 12 ක් ලෙස ද ඉකුත් සති අන්තයේ දී පරාජය ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත් වන්නට සී.ආර්. පිලට හැකි විය. මෙවර තරග මාලාවේ ශූරයන් තීරණය කෙරෙන මහා තරගය ලබන සති අන්තයේ කොළඹ දී පැවැත්වේ. එම තීරණාත්මක අවසාන තරගය සී.ආර්. පිල සහ මහනුවර සමාජය අතර ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment