වැස්සෙන් එස්.එස්.සී. වැසේ

158

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) දිනයේ තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට පමණක් සීමා වූයේය.

පෙරවරු 10ට ආරම්භ කෙරුණු තරගය පෙරවරු 10.45 ට පමණ වර්ෂාව හේතුවෙන් නතර කෙරුණු අතර පිටියට පතිත වර්ෂාව මත අනතුරුව යළි තරගය ආරම්භ කිරීමට නොහැකි වූයේය.

ඒ අනුව ඊයේ දිනයේ දී පන්දු වාර අසූවක් පමණ තරගයට අහිමි වූ අතර ඊයේ ක්‍රියාත්මක වූ පන්දුවාර 10 තුළදී පාකිස්තානය ලකුණු 33 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විණි.

ඊයේ දිනය ආරම්භ කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය දිනය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියේය.

ඒ අතරතුර ශ්‍රී ලංකා පළමු ඉනිම ඉක්මවා ගිය පාකිස්තානය මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 12 ක් ඉදිරියෙන් පසුවන අතර තවත් කඩුලු 8 ක් අතැතිව සිටී.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 87 ක් ද, බාබර් අසාම් ලකුණු 28 ක් ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 166/10 (48.4)
පකිස්ථානය පළමු ඉනිම 178/2 (38.3)

අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 87, බාබර් අසාම් නොදැවී ලකුණු 28
අසිත ප්‍රනාන්දු 51/2

advertistmentadvertistment
advertistmentadvertistment