ජනපති කැඳවූ සර්ව පාක්‍ෂික සමුළුව අද

132

අපි එන්නේ නෑ – ජවිපෙ

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව පාක්‍ෂික සමුළුවක් අද (26 දා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ සඳහා ඇරයුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment