එජනිස ලේකම් අවුල ලිහන්න මෛත්‍රීලා කතා

100

අර්බුදයකට පත්ව තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා එම සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

සන්ධානයේ මහ ලේකම් ලෙස සිටි මහින්ද අමරවීර මහතා එම ධුරයෙන් ඉවත්කර ඒ සඳහා තිලංග සුමතිපාල මහතා පත්කර තිබුණු අතර එය නීති විරෝධී බව සඳහන් කරමින් අමරවීර මහතා අධිකරණය හමුවට ගියේය. එහිදී සුමතිපාල මහතාගේ පත්කිරීම පිළිබඳව වාරණයක් පනවා තිබුණි.

ඒ අනුව හිස්වූ සන්ධාන මහ ලේකම් ධුරය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා නිදහස් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල මහත්වරුන් ඇතුළු පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූ බව නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් පොදු එකඟතාව මත සන්ධාන මහලේකම් ධුරය ලබාදෙන්නේ කාට ද යන්න එහිදී තීරණයක් ගැනීමට නියමිත බව ද එම ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment