ශ්‍රී ලංකා යොවුන් බාලිකාවෝ අද තීරණාත්මක තරගයක

174

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසාන තරගය ඔස්ටේ්‍රලියාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18 වැනිදා) ප.ව.1.30ට පැවැත්වේ.

දකුණු අප්‍රිකාවේ බෙනෝනි හි විලෝව්මූර් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වේ.

තරගාවලියේ මුල් තරග දෙක යටතේ කණ්ඩායම් දෙකම එක් තරගයක් බැගින් ජයගෙන එක් තරගයක් බැගින් පරාජයට පත්වී අද තරගයට මුහුණ දේ.

මෙම කණ්ඩායම් දෙක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව පැවති තරග ජයග්‍රහණය කළ අතර බංගලාදේශයට එරෙහිව පැවති තරග දෙකේ දී කණ්ඩායම් දෙකම පරාජයට පත්වූයේ ය.

තරගාවලියේ ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වන අතර පෙරේදා පැවති තරඟයේදී ඔවුහු බංගලදේශය හමුවේ ලකුණු 10ක තියුණු පරාජයකට මුහුණ දුන්හ.

තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින

ශ්‍රී ලංකාව මේ වන විට එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත් ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment