නිවැරදිව ගස් සිටුවා ඔබත් සෞභාග්‍ය උදාකර ගන්න

2517

ගස් හා මිනිසා අතර මහඟු බැඳීමක් ඇත. මිනිසාට වර්ෂාව, සිසිලස, සෙවණ, ආහාර, ජලය ආදී මෙකී නොකී බොහෝ දේ ගස් මගින් සපයා දේ. එනිසා පුරාණයේ සිට ම මිනිසා ගහකොළට ආදරය කීරීමට, රෝපණය කිරීමට මෙන්ම වැඳුම් පිදුම් කිරීමට ද පුරුදුව සිටියහ. ශාක රෝපණය මගින් මහත්ඵල මහානිසංස ලැබෙන බවත්, ඵලදායී ශාක රෝපණය මගින් මරණින් මතු දෙව්ලොව උපදින බවත්, මෙලොව දී ශාකය රෝපණය කළ තැනැත්තා මෙන්ම ඔහුගේ මුළු පරම්පරාවම සැපවත්වන බවත් සඳහන්ය.

ශාක වැවීම මහඟු කාර්යයක් වුවත් සෑම ශාකයක්ම සෑම තැනම වැවීම මගින් සුබඵල ලැබෙනවාට වඩා අශුභ ඵල ලැබෙනු ඇත. නිවෙස්වල හෝ යම් ස්ථානයක සිටුවීමට ගන්නා ගස් වර්ග කොටස් කිහිපයකට වර්ග කරනු ලබයි. එනම් උල් කටු සහිත ගස්, අතුපතර විහිදා වැඩෙන මහ රූස්ස ගස්, වේළී අතු හැළෙන ගස්, ගෙඩි වර්ග සෑදෙන ගස්, මල් වර්ග පිපෙන ගස් ආදී ලෙසය.

මෙහිදී උල්කටු සහිත පතොක්, බෝගන්විලා, රෝස, දෙහි, දොඩම්, කටු අනෝදා, අන්නාසි වැනි ශාක නිවස ඉදිරිපිට වැවීම වාස්ත විද්‍යානුකූලව ඉතා අශුභය. මෙවැනි ශාක ගෙදර ප‍්‍රධාන දොරට මුහුණලා ගෙමිදුලේ සිටුවීමෙන් එම නිවසට කරදර, ප‍්‍රශ්න ආදියෙන් තොර නොවනු ඇත. ගෙහිමියන් අතර ද අඩදබරකම් නිතර ඇතිවනු ඇත. මෙම ඇතැම් ශාකවල ඇති කටු ශරීරයේ ඇනීම තුළින් ශරීරයට විෂ සහිත ස්වභාවයක් ඇති කිරීම නිසා සෞඛ්‍ය ප‍්‍රශ්න ද ඇති වේ.

මීට අමතරව අතු පතර විහිදී වැඩෙන රූස්ස ගස් ද නිවෙසෙහි ඉදිරිපිට භූමියට ඉතා අශුභය. මෙය වාස්තු විද්‍යාවේ වෘක්‍ෂ වේද දෝෂය ලෙස හඳුන්වයි. මෙමගින් නිවස පිහිටි භූමියට අඳුරු ස්වභාවයක් ගෙන දෙන අතර නිවසට ද සූර්යයා ලෝකය වැටීම වළකී. මේ නිසා විෂබීජ වර්ධනය වැඩි වී මෙම නිවැසියන් නිතර ලෙඩ දුක්වලින් පෙළීම දැකිය හැක. ඊට අමතරව මෙවැනි අඳුරු ස්ථානවලට අරක් ගන්නා අමනුෂ්‍ය ආත්ම ද පහසුවෙන් මෙම භූමිය තුළට ආකර්ෂණය වේ. මෙම ගස් සිටුවීම තුළින් තවත් වාස්තු දෝෂයක් නිර්මාණය වීම දැකිය හැක. ඒ එම රූස්ස ගසේ සෙවණැල්ල සූර්යයා ලෝකය ඇතිවිට නිවසට වැටීමයි. මෙය ද ඉතා අශුභය. මෙම දෝෂය සෙවණැලි දෝෂය ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වේ. මෙවැනි වාස්තු දෝෂයක් සහිත නිවසක වෙසෙන නිවැසියන් ඉතා අලස, ආර්ථික අපහසුතාවලින් පෙළෙන රෝගී අය වීම දැකිය හැක.

අතු වියළුණු පසු වැටෙන ශාක ද නිවසක් ඉදිරිපිටට අශුභ වේ. එම අශුභය වාස්තු විද්‍යානුකූලව මෙන්ම වෙසෙන නිවැසියන්ගේ සෞඛ්‍යයට ද අශුභ වේ. පුවක්, තැඹිලි, පොල් වැනි ශාක මීට අයත් වේ. නිවැසියන් නිතර නිවස ඉදිරිපිට ගැවෙසන නිසා නිවස ඉදිරිපිට මෙවැනි ගස් වැවීමෙන් පොල් ඇට්ටි, පුවක්ගෙඩි, අතු ආදිය වැටී ගෙහමියන්ට අනතුරු සිදුවිය හැක. තවද සර්පයන්ගේ අවදානම ද වැඩිය. පත්තෑයන්, නයි, ගැරඬි, ගෝනුස්සන් ආදී සතුන් නිතර පැමිණීම නිසා ගෙහිමියන්ට මහ කරදර රැුසකට මුහුණදීමට සිදුවේ. මීට අමතරව මෙම ශාකවල පිපෙන මල්වල රොන් ගැනීමට එන බඹරුන්, දෙබරුන් මෙන්ම විවිධ විෂ කෘමින්ගෙන් අනතුරු සිදුවීම ද විය හැක.

කොහොඹ, සඳුන් වැනි ඖෂධ ගුණයෙන් පිරි ශාක නිවස ඉදිරිපිට තරමක් දුරින් සිටුවීම තුළින් නිවැසියන්ට නීරෝගි බව ලැබෙන බව මතයයි. එම ගස්වලින් පිටවන සුවඳ හා එයින් නිකුත් වන කිරණ තුළින් මිනිසාගේ සෞඛ්‍ය වර්ධනයවන බව විශ්වාසයයි. ඖෂධ පැළෑටි වැවීම විශාල පින් රැුසක් ලැබෙන කි‍්‍රයාවක් බව ද ධර්මයේ සඳහන්ය. මතු උපදින සංසාරයේ නිරෝගීභාවය ලැබී ඉපදීම එම පුණ්‍යකර්මයේ ප‍්‍රධාන ම ඵලයයි.

ගස්ලබු, කොස් වැනි ගෙඩි හටගන්නා ශාක ද නිවස ඉදිරි පිටට අශුභ ඵල දේ. මෙහි වාස්තු විද්‍යානුකූල දෝෂය මෙන්ම එම ගෙඩි නිවැසියන්ගේ හිස මත වැටී ඇතිවිය හැකි අනතුරු මෙන්ම ගෙඩි කෑමට එන වඳුරන්, රිළව්, කෘමීන් වැනි සතුන්ගෙන් සිදුවිය හැකි හානි ද ප‍්‍රමුඛ වේ. එමෙන්ම සතුන්ගේ අපද්‍රව්‍ය නිසා ගෙමිදුල අපවිත‍්‍ර වී විෂ බීජ ඇති වී ගෙහිමියන්ට සෞඛ්‍ය හානි ද ඇතිවිය හැක.

ගෙමිදුලට එනම් නිවස ඉදිරිපිට ට සුදුසු වන්නේ දෑසමන් මල් ගස්, කොබෝනීල ගස්, පිච්ච

මල්ගස්, කඩුපුල් මල්ගස්, ඕකීඩ් මල් ගස් වැනි ඉතා ප‍්‍රසන්න ලෙස මල් පිපෙන ගස් වර්ග පමණි. අඹ ගස් ද නිවස ඉදිරියට අශුභ නොවේ. බෙලි, රඹුටන් වැනි ශාක ගෙවත්තේ නිවසට පිටුපසින් සිටුවීම සුබය. ජම්බු ශාකය නම් ගෙවත්තක සිටුවීම අශුභ ඵල ඇති කිරීමට හේතුවකි. මන්ද ජම්බු ගසක් සහිත නිවසක වෙසෙන ගැහුනු දරුවන් ඉතා මුරණ්ඩු ගති පෙන්නුම් කරන බැවිනි.

ගස් සිටුවීමේ දී මායිමට වන්නට අරටුව සහිත දෙපසට මහත්වන විශාල ශාක එනම් තේක්ක, අඹ, දෙල්, කොස් වැනි ශාක සිටුවීම නොකළ යුතුය. මන්ද කුඩා කල තමන්ගේ මායිමේ ඇති ශාකය ක‍්‍රමයෙන් ලොකවෙත්ම අල්ලපු ඉඩමට යනු ඇත. එවිට එම ශාකය නිසා ආරවුල්, නීති ප‍්‍රශ්න ගෙහිමියන්ට නිතැතින් හිමිවේ. එනිසා එවැනි ශාක මායිමෙන් මදක් වත්ත මැදට වන්නට සිටුවීම සිදුකළ යුතුයි.

ගෙවත්තක් හෝ ඉඩමක රුක් රෝපණය කිරීමේදී සමහර ශාකවලට සුබ දිශාවන් සඳහන්ව ඇත.

නෙල්ලි ගස් සිටුවීමේදී ඊසාන

දිශාවේ ද

සියඹලා ගස් ඉඩමේ

නිරිත දිශාවේ ද

දෙළුම් ගස් ගිනිකොණ දිශාවේ ද

බෙලිගස් වයඹ දිශාවේ ද

පුලිල ගස් උතුරු දිශාවේ ද

නුග ගස් නැගෙනහිර දිශාවේ ද

අත්තික්කා ගස් දකුණු දිශාවෙහි ද

ඇසතු ගස් බටහිර දිශාවේ ද

සිටුවා ඉඩමේ මැදට වන්නට අඹ ගස් සිටුවීම සුබය. සිටුවීම සඳහා තෝරා ගැනීමේදී එම ශාක කෙනකුගෙන් සොරාගත් ශාක නොවිය යුතුයි. මීට අමතරව පූජා භූමියකින් සොරාගත් පැළ, සොහොනකින් ගත් පැළ, තුන්මංහන්දි, හතරමං හන්දිවලින් ගලවාගත් පැළ, අපිරිසිදු ස්ථානවල වැඩණු පැළ ද නොගත යුතුයි.

නිවසක හෝ පාරක වෘක්‍ෂ වැවීම වේදයෙහි සඳහන් වන්නේ, එක් වෘක්‍ෂයක් වැවීම පුතුන් දහදෙනකු ජනිත කළාට සමාන බවයි. මල් ,පලතුරුවලින් යුතු ශාක වවා සමාජයට දන්දෙන පුද්ගලයා මරණින් මතු දෙව්ලොව ඉපිද යුග තුනක් අපමණ සැප සම්පත් භුක්තිවිඳින බවත්ය. රුක්රෝපණය කිරීම තුළින් උපදින සෑම භවයකම දරුවන් ලැබීම, ගින්නෙන් හෝ තද රශ්මියෙන් හෝ පීඩා සිදුනොවීම ආදී ආනිසංස ති‍්‍රපිටකයේ ද සඳහන්ය.

ඔබත් මෙවැනි උතුම් රුක්රෝපණය හැකිතාක් සිදුකරන්න. එය ගෙවත්තේ හෝ මහමඟ හෝ පන්සලක හෝ වෙනත් ඉඩමක සිදුකළ ද ආනිසංස සමාන වේ. ගෙවත්තේ හෝ තමන්ගේ ඉඩමක රෝපණය කරයිනම් දෝෂ ඇති නොවන ආකාරයට රෝපණය කරන්න. මෙම උතුම් කි‍්‍රයාව ජීවිතයේ හැකිතාක් වාරයක සිදුකර ඔබත් මරණින් මතු දෙව්ලොව වරම් ලබාගන්න.

ජ්‍යොතිෂවේදීනි, දේශබන්දු,
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී,
පල්ලේබැද්ද, පානදුර.
දු.අංකය – 0774 126 023

advertistmentadvertistment
advertistmentadvertistment