ශ්‍රී ලාංකිකයෝ සීනි කන හැටි

3250


ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකු වසරකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයකට වැඩි සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උප ලේකම් විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය.මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසරකට පුද්ගලයෙකු පරිභෝජනය කළ යුතු සීනි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 13ක් ලෙස නිර්දේශ කර තිබුණද ශ්‍රී ලාංකිකයෙකු වාර්ෂිකව එම සීනි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එනම් සීනි කිලෝ ග්‍රෑම් 39ක් පරිභෝජනය කරන බව අනාවරණය වී ඇතැයි වෛද්‍ය රත්නායක කීවේය.
මෙසේ අධික ලෙස සීනි පරිභෝජනය කිරීම හේතුවෙන් මෙරට දත් දිරා යාමේ රෝග තත්ත්වය වර්ධනය වී ඇති බව අනාවරණය වී තිබේ කෙසේ වුවද මෙරට ළමුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු රාත්‍රී කාළයේ නින්දට පෙර දත් නොමදින බවද වෛද්‍ය රත්නායක කීවේය.

අදට යෙදී ඇති ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී විශේෂඥ
වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මෙම තොරතුරු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment