ලොව සතුටුම රට

815


එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහය දක්වන ලෝක සතුටු වාර්තාවට අනුව අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය ලොව සතුටුම රට බවට පත්ව තිබේ.

ඒ අනුව ෆින්ලන්තය 2024 වසරේ ද ලොව සතුටුම රට බවට නම් කර ඇත.

ඩෙන්මාර්කය දෙවන ස්ථානයේත් අයිස්ලන්තය තෙවන ස්ථානයේත් පසුවේ. අඩු ජනගහණයක් සහිත කුඩා රටවල් රැසක් ලොව සතුටුදායක රටවල් අතර පෙරමුණට පැමිණ තිබේ.

වසර දහයකට පසු පළමු වරට අමෙරිකාව සහ ජර්මනිය ලොව සතුටුම රටවල් 20 අතර ඇතුළත් නොවේ. නමුත් කුවේට් සහ කොස්ටාරිකා යන රටවල් පළමු රටවල් 20 අතරට ඇතුළත් වන බව ලෝක සතුටු වාර්තාව පෙන්වාදෙයි.

රටවල් 143ක් යොදාගනිමින් සිදුකර ඇති සමීක්ෂණයට අනුව ලොව අසතුටුදායකම රට බවට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලොව සතුටුම රටවල් දර්ශකයේ 128 වන ස්ථානයට පත්ව තිබේ. ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ද ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment