ජනතාව වෙනුවෙන් බලය ගන්නත් අත්අරින්නත් සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

138

කුමන තත්වයක සිටියත් කම්කරු විරෝධී අණ පනත්වලට එකඟ වන්නේ නැහැ
– අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ජනතාව වෙනුවෙන් බලය ලබා ගන්නවා මෙන්ම බලය අත්හැරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ මැයි දින රැලිය අමතමින් කොළඹ කැම්බල් පිටියේදී ඊයේ (01 දා) කීවේය.

ජනතාව වෙනුවෙන් බලය ගන්නත් අත්අරින්නත් සූදානම් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ජනතාව වෙනුවෙන් බලය ගන්නත් අත්අරින්නත් සූදානම් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

එම මැයි රැලිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

කවුරුත් නොසිතන තරම් සංවිධාන ශක්තියකින් නැගීසිටීමට අපිට පුළුවන්. රටේ ජනතාවගේ අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අද කැම්බල් පිටියෙන් සනාථ වෙනවා. අපි කොයි වෙලාවෙවත් කලබල වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ජනතාවත් එක්ක හරි තීන්දු ගන්නවා.

ජනතාව වෙනුවෙන් බලය ගන්නත් අත්අරින්නත් සූදානම් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

අපි බලයට ඒමේදී කම්කරුවන් විශාල සහයෝගයක් දුන්නා. වැඩබිමේදී ඔවුන් අපි වෙනුවෙන් හඬනැගුවා. අපි ආණ්ඩු බලය තිබුණු කාලයේදී කම්කරු අයිතීන් ආරක්ෂා කරලා දුන්නා. කම්කරු ප්‍රශ්න බොහෝමයක් සාකච්ඡා කර විසඳා ගැනීමට අපි කටයුතු කළා.

මෑතකදී සිදුවූ ඇතැම් හිංසාකාරි ක්‍රියා නිසා අපේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට විශාල අපහසුතාවලට මුහුණ පෑමට සිදුවුණා. ඒ කිසිම වෘත්තීය සමිති කම්කරුවන් අපි තනි කරන්නේ නැහැ. අපි හැමදාමත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා.

අපි බලයට ආවේ සෑම විටම රට අමාරුම කාලයක් ගත කරමින් සිටින විටයි. යුද්ධය, ආර්ථික අර්බුද ආදී සංකීර්ණ ගැටලු වගේම කොවිඩ් වගේ වසංගතවලටත් මුහුණ දීමට අපේ රජයන්ට සිදුවුණා. ඒ මොන බාධක තිබුණත් අපි පස්ස ගැහුවේ නැහැ. ඇතැම් අය රට භාර ගන්න කිව්වාට පස්ස දොරෙන් පැනලා ගිහින් රට භාරගත් අයට අපහාස කරනවා. 88-89 කාලයේදී සිදුවුණෙත් මේ දේමයි.

මෙම මැයි රැලිය අමතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන යන මැති ඇමැතිවරු අදහස් දැක්වූහ.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment