පකිස්තානය ඉන්දියාවට යයි

199

ඉන්දියාවේදී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය ස්ථීර බව පාකිස්තානය ප්‍රකාශයට පත්කර ඇත.

එරට විදේශ ඇමැතිවරයා විසින් ඒ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි.

“ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර නොවීමට පාකිස්තානය සෑම විටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යවන්න” යැයි පකිස්තාන විදේශ ඇමැතිවරයා සඳහන් කර සිටී. පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012/13 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නොමැත. ලබන ඔක්තෝම්බර් මස සිට ඇරැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර මේ මස අගදී ආරම්භ වන ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment