DFCC Leasing සහ Micro Cars ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

104

DFCC Leasing සහ Micro Cars විශේෂ ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය.

දෙපාර්ශ්වය මගින් ලීසිං සඳහා පිරිනමනු ලබන විශේෂ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීම මෙහි අරමුණයි. තරගකාරී පොලී අනුපාත, නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම, ඉහළම තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් සමග විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් DFCC Leasing සහ Micro Cars වෙතින් පාරිභෝගිකයන් වෙත හිමි වේ. Micro Cars මගින් හඳුන්වාදී ඇති Saic Almaz SUV සහ Proton Saga Sedan රථ සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.

DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා සහ Micro Cars සමූහ අධ්‍යක්ෂ අසේල ලිහිණිකඩුව මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින් එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) DFCC බැංකුව වෙනුවෙන් මෙෂාර පෙරේරා (කළමනාකරු), චාමර පීරිස් (ජ්‍යෙෂ්ඨ කළමනාකරු), අසංක පටබැදිගේ (සහකාර උප සභාපති), සමන්ත්‍රි කාරියවසම් (උප සභාපති . පොදු නීති කටයුතු), ආසිරි ඉද්දමල්ගොඩ (ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී) යන මහත්ම මහත්මීන් සහ Micro Cars වෙනුවෙන් අසේල ලිහිණිකඩුව (සමූහ අධ්‍යක්ෂ), ජනක හේරත් (මූල්‍ය ප්‍රධානී), ජේකොබ් නිශාන්තන් (අලෙවිකරණ ප්‍රධානී), සහ නිර්ෂාඩ් නස්ලි (ශාඛා ප්‍රධානී) යන මහත්වරුන්ද ඡායාෑපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment