දැල්පන්දු ලෝක කුසලාන ඔස්ටේ්‍රලියාවට

104

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය 12 වැනි වරටත් හිමි කර ගැනීමට ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමත් වූයේය.

එංගලන්තය සමග පැවති අවසන් මහා තරගයේදී ලකුණු 61-45 ක ජයග්‍රහණයක් ලබමින් ඔස්ටේ්‍රලියාව එම ශූරතාවයට හිමිකම් කීය.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී පැවති එම මහා තරගයේ කාර්තු හතරෙහි අවසන් ලකුණු තත්ත්වය 13-13ක්, 14-10ක්, 19-13ක් සහ 15-09ක් වශයෙන් ඔස්ටේ්‍රලියාව ඉදිරියට පැමිණියේය.

ඒ අනුව රිදී පදක්කම එංගලන්තයට හිමි වූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද එංගලන්තයේ හෙලන් හොස්බි ට හිමි වූවාය.

අවසන් වරට ශූරයන් වූ නවසීලන්තය 04 වෙනි ස්ථානයට පත්වූ අතර ජැමෙයිකව ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

තරගාවලියේ 05 වැනි ස්ථානය උගන්ඩාවට ද, 06 වැනි ස්ථානය දකුණු අප්‍රිකාවට ද, 07 වැනි ස්ථානය මලාවි රාජ්‍යයට ද, 08 වැනි ස්ථානය ටොන්ගා රාජ්‍යයට ද හිමි වූයේය.

එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසාන ස්ථානය වූ 16 වෙනි තැනට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment