කළම්ඹු ස්ට්‍රයිකර්ස්ට තියුණු ජයක්

157

LPL තරගාවලියේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද පැවැති 10 වැනි තරගයේදී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක තියුණු ජයක් ලබාගැනීමට කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත්විය. ගෝල් ටයිටෑන්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කළම්ඹු ස්ට්‍රයිකර්ස් කඩුලු 03ක් දැවී පන්දු වාර 19.5කදී ලකුණු 189ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. එහිදී අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 14ක් අවශ්‍යව තිබුණි.එම පන්දුවාරයේ කසුන් රාජිත යැවූ පළමු පන්දුවට ඒ වනවිට අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි බාබර් අසාම් දැවී ගියේය.බාබර් අසාම් මෙම තරගයේදී පන්දු 59කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 104ක් රැස්කළේය.අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් නවාස් එම පන්දුවාරයේ 4 වැනි පන්දුවට 6 පහරක් සහ 5 වැනි පන්දුවට 4 පහරක් එල්ලකරමින් තරගයේ ජය හිමිකරගත්තේය.ඒ අනුව තරගය කඩුලු 7කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment