වසර සියයකටත් වඩා පැරැණි දණගහඔළුව පාලම අබලන් – ගම්වාසීන්ට දැඩි දුෂ්කරතා

46

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පැලම්පිටියේ සිට ඉහළ පැලම්පිටිය යා කරමින් වෑ ඔය හරහා දමා ඇති දණගහඔළුව පාලම අබලන් වීමෙන් ගම්වාසීන් මහත් අපහසුතාවකට පත්ව ඇත. වසර සියයකටත් වඩා පැරැණි මෙම පාලම පවුල් 20 කටත් වඩා පිරිසක් පාවිච්චි කරති.

මෙයට වසර 4කට පමණ ඉහත දී විශාල ගසක් කඩාවැටීමෙන් පාලම විනාශ වී ගොස් ඇත. වැසි දිනවලට ඔය දෙගොඩ තලා යන බැවින් පාසල් දරුවන්ට යෑමට ඒමට අපහසුය. ගම්වාසීන් විසින් අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබී නැත.

කෑගල්ල – එම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment