දූ දරුවන්ගේ භාෂාමය දැනුම වර්ධනයට සිංහල හෝඩිය වහා සංස්කරණය කළ යුතුයි

48

මහචාර්ය ජේ. බී. දිසානායක

අනාගත පාසල් දූ දරුවන්ගේ භාෂාමය හා ව්‍යාකරණ දැනුම වර්ධනය කිරීම උදෙසා සිංහල හෝඩිය සංස්කරණය කිරීමට වහාම කටයුතු කරන ලෙස තමන් යෝජනා කරන බව මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ පේරාදෙණිය කොළඹ ශාඛාවේ විiා තීර්ථයන්ගේ සංගමයේ 33 වැනි සංවත්සරය කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති අවස්ථාවේදීය.

වැඩිදුරටත් මහාචාර්යවරයා අදහස් දක්වමින් අද වර්තමානයේ ඉගෙනුම ලබන දරුවන්ට සිංහල භාෂාව පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීම උගත් අයගේ වගකීමක්. විශේෂයෙන්ම අක්‍ෂර වින්‍යාශය පිළිබඳවත් දරුවන් දැනුවත් කළ යුතුයි.

බොහෝ දරුවන්ට සිංහල භාෂාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති කම නිසා දරුවන්ගේ අධ්‍යපනයට හානියක් සිදුවී ඇති බවද මහාචාර්යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී එම සංගමයේ හිටපු සභාපති ප්‍රියාද් කබ්රාල් මහතා අදහස් දක්වමින්

අප සංගමය තුළින් අඩු ආදායම්ලාභී පවුල්වල විශ්වවිiාල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් උදව් උපකාර ලබාදී ඇති බවද කීය.

එම සංගමයේ සභාපති පාලිත සියඹලාපිටිය මහතා අදහස් දක්වමින්

ලංකාවේ උගත් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන අප සංගමයෙන් රටේ දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා විශාල කාර්යභාරයක් සිදුකළ බවද සඳහන් කළේය. එහිදී එස්. එම්. ඥානරත්න මහතාද කතා කළේය.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment