ඔක්සිජන් රැගෙන ‘ශක්ති’ පිටත් වෙයි

315

කොවිඞ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා ඔක්සිජන් රැගෙන ඒමට ගිය නාවික හමුදාවේ ශක්ති නෞකාව ඔක්සිජන් තොගය රැගෙන ඊයේ (20දා* අලූයම නැවත ශ‍්‍රී ලංකාව කරා ගමන් ආරම්භ කර තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නාවික හමුදාවේ ශක්ති නෞකාව ගෑස් තොග රැුගෙන සඳුදා රාත‍්‍රී වන විට මෙරටට ළඟා වනු ඇතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව ඉන්දියන් නාවික හමුදාවට අයත් නාවික යාත‍්‍රාවක් ද ඔක්සිජන් තොගයක් රැගෙන ශ‍්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන අතර එම නෞකාව ඉරිදා රාත‍්‍රී වන විට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment