අරගලකරුවන්ට ඇමැති ප්‍රසන්නගෙන් දැඩි ප්‍රහාරයක්

230


ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනු අරගලකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයකුට පෙනීසිටිය නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සාමකාමී අරගල වලට තමන් එකග බවත් නමුත් ප්‍රචණ්ඩකාරී අරගල වලට තමා එකග නොවන බවත් කීවේය. බොහෝ අරගලකරුවන් මානසික රෝගීන් බවත් මේ වනවිට ඔවුන් රෝහල්හි ප්‍රතිකාර ලබන බවත් කීවේය.ඇතැම් අරගලකරුවන් ගාලුමුවදොර ඔවුන් පදිංචිව සිටි කූඩාරම්වල සිට කායික සම්බන්ධතා පවා පවත්වා ඇතැයිද එය ආරක්ෂා සහිතව කිරීමට හෝ ඔවුන්ට දැනුමක් තිබී නැතැයි ද පැවසීය.ඒ අනුව ඔවුන්ගෙන් උපදින දරුවන් මහපාරට වැටෙන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment