පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් කෝටි 22ක දඩ ආදායමක්

97

මේ වසරේ ගතවූ මුල් මාස දහයක කාලයේ දී දිවයින පුරා කළ වෙළෙඳ සැල් වැටලීම්වලින් රුපියල් කෝටි 22කට අධික මුදලක් දඩ ලෙස අයකර ගෙන ඇතැයි, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් එම දඩ මුදල් අයකර ගැනීමට ක්‍රියාකළ බව ද එම අධිකාරිය පවසයි.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය තෙක් කාලයේදී මෙම වැටලීම් සිදුකර ඇත. එම කාලයේ දී රට පුරා වැටලීම් 22,000ක් පමණ සිදුකර, ඉන් 19,000කට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment