ගම්පහ රත්නාවලී බාලිකාවට නව විදුහල්පතිනියක්

755

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස එම්. ජී. ආර්. වසන්තා රෝහිණි කුමාරි මහත්මිය සුබ මොහොතින් ඉකුත්දා වැඩ භාරගත්තාය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ වානිජවේදී විශේෂ උපාධිය (දෙවෙනි පෙළ ඉහළ සාමාර්ථය) හා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය ලබා ඇත.

කෑගල්ල අධ්‍යාපන කාර්යාල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂක, සැලසුම් අධ්‍යක්‍ෂ හා අධ්‍යාපන පරිපාලන විෂය අධ්‍යක්‍ෂක ලෙස වසර 4 ක සේවා කාලයක් ඇති එම මහත්මිය ගැටියමුල්ල මහා විද්‍යාලයේ හා කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආදිශිෂ්‍යාවකි.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment