මිනිස් වටය – එරික් ඉලයප්ආරච්චි

1125

උසස් පෙළට සිංහල විෂයය හදාරන සිසු දරුවන් වෙනුවෙන් ලියන මේ ලිපි පෙළෙහි මුලින් ම අපේ අවධානය යොමු වන්නේ එරික් ඉලයප්ආරච්චි ගේ මිනිස් වටය කෙටි කතාවට යි. මා ගේ සමීප ශාස්ත්‍රීය මිතුරකු වන එරික් ඉලයප්ආරච්චි ගැන ඔබට වැදගත් වන කරුණු පළමු ව මෙහි සටහන් කරමි. හැකි තාක් දුරට, ගුරු මාර්ගෝපදේශ 2 සංග්‍රහය සැලැකිල්ලට ගෙන මේ ලිපි පෙළ සකසන බැවින් ගුරු සිසු දෙපිරිසට ම වැඩදායක වනු ඇත.

එරික් ඉලයප්ආරච්චි

මිනිස් වටය - එරික් ඉලයප්ආරච්චි

1954 දෙසැම්බර් 16 දා උපන් එරික් ඉලයප්ආරච්චි ගේ මව ගේ නම වයලට් එළිසබත් ප්‍රනාන්දු වන අතර පියා ගේ නම ඉලයප්ආරච්චි ගේ ජස්ටින් ප්‍රනාන්දු ය- එරික් ඉලයප්ආරච්චි ගේ සීයා අශ්ව කරත්ත නිර්මාණය කළේ ය- එරික් ඉලයප්ආරච්චි ගේ ආත්තම්මා තෙරේසා සෝවිස් ය- ඉලයප්ආරච්චි ගේ මහප්පා ගේ නම වික්ටර් වන අතර ඔහු වෙදකම හොඳින් දැන සිටියේ ය- මහිමගොඩැල්ල ගම් පියසේ පාරම්පරික වඩු ශිල්පියකු වන එරික් ඉලයප්ආරච්චි ගේ පියා අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව නිර්මාණය කළේ ය- යටියන වෙද මහතා ගේ අනුග්‍රහය ඇති ව කුරුණෑගල නැදලගමුව පිරිවෙන නිර්මාණය කළේ එරික් ඉලයප්ආරච්චි ගේ පියා යි-

1977 දී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය වාණිජ සහ තර්ක ශාස්ත්‍රය හදාරමින් එහි පළමු ව්‍යාපාර අධ්‍යයන විෂයයෙන් බිහි වූ උපාධිධාරී කණ්ඩායමට අයත් එරික්, විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී ම හැවුලොක් ටවුමේ පිහිටි මෙට්ටි්‍රක් පරිවර්තන අධිකාරියේ ලිපිකරුවකු ලෙස සේවය කළේ ය- ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ එරික් ඉලයප්ආරච්චි ගේ යහළුවකු කලා අංශයේ ඉගෙන ගත්තේ ය- ඔහු ගේ නම ලයනල් ය- එහෙත් ලයනල් ගේ නම වඩාත් ප්‍රසිද්ධ වූයේ ලැයියා යනුවෙනි- මිනිස් වටය කෙටි කතාවෙහි එන චරිතයට ලැයියා යන නම යෙදීමට පෙලැඹෙන්නට ඇත්තේ මේ පැරැණි මිතුරා ගේ පටබැඳුණු නම නිසා වන්නට ඇතැයි වරක් එරික් ඉලයප්ආරච්චි මට කීවේ ය- මල්ලිලා තිදෙනකුටත් නංගිලා දෙදෙනකුටත් වැඩිමලා වූ එරික් ඉලයප්ආරච්චි කෙටි කතා රචනයට මෙන් ම නවකථා සහ කවි ලිවීමට දස්කම් දක්වයි- උසස් නිලතල දැරූ ඔහු පොත් පත් රැසක් ලියා පළ කළේ ය-

එරික් ඉලයප්ආරච්චිගේ නිර්මාණ

වඩදිය, ලංකා ගමන, කෛලාස කූටය, මල් නැති උයන, අවනඩුවක සටහන්, මිනිස් වටය (2011) සහ බැග්ඩෑඩ් යන පොත් ලියූ එරික් ඉලයප්ආරච්චි සිංහල කෙටි කතාවේ පෝෂණයට සිය දායකත්වය ලබා දුන්නේ ය- බගන්දරා, විතණ්ඩ සමය, ආදරයේ සිමෙන්ති, ලලිත සමය, පාද යාත්‍රා, පරදේසි බඳු පොත් පත් ලියමින් සිංහල නව කථා ක්‍ෂේත්‍රයට ඔහු ලබා දුන් මෙහෙය ද අගය කළ යුතුය- හැඟීම් පළ කිරීමට නිසි ලෙස බස භාවිත කිරීමට හපන්කම් දක්වන එරික් ඉලයප්ආරච්චි මැදියමේ ගීතය සහ තවත් කවි, ආලින්දය, සිදුහත් ගේ අග මෙහෙසිය, වෙසතුරු සිරිතක්, කිසිවකු කවියන් නො මරති, මගෙ කොළඹට හඳ පායයි, කපුටා සහ සිටාණෝ, කේ- කේ- සුචරිත සිරිත, පියස්සක් නැති පරවියෙක්, පිත්තල හන්දිය බඳු පොත් පත් ලියුවේ ය-

මිනිස් වටය සහ සමාජ සංස්කෘතික පසුබිම

මුහුද ආශ්‍රිත ව ජීවත් වන දුප්පත් පන්තියේ මිනිසුන් අතර ප්‍රතාපවත් ව බැබැළෙන මැද පාන්තිකයන් ද කෙටිකතාකරුවාට හසු වී ඇත- විවිධ ජාතීන් මිශ්‍ර වුණු පරිසරය පමණක් නො ව කතෝලික ආගමින් හික්මුණු මීගමු පෙදෙසේ සමාජ සංස්කෘතික පසුබිම මිනිස් වටය කෙටි කතාවෙන් හඳුනාගත හැකිය- ඉතාලි යාමට විවිධ ඇඳුමින් සැරැසී සිටින පිරිසේ බසත් හැසිරීමත් ඇඳුමත් ඔවුනොවුන් ගේ සමාජ සංස්කෘතික පසුබිම හඳුනා ගැනීමට ඉවහල් වේ- තෙරේසා, ලැයියා, ශ්‍රී පල්ලි තොටුපළ, මුනීශ්වරී බෝට්ටුව, ලෝරන්ස් අයියා, මැක්බුල් රෙදි සාප්පුව වැනි නම් ඔවුන් ගේ සමාජ සංස්කෘතික පසුබිම හඳුනා ගැනීමට වැදගත් වේ- තෙප්පම්, බෝට්ටු, හබල, වඩදිය, බාදිය ආදී වදන් ධීවර සමාජ සංස්කෘතිය පාඨක මනසේ සිත්තම් කිරීමට යොදා ගෙන තිබේ- මිනිස් වටය කෙටි කතාවේ හරය, අන්තර්ගතය, කතා ප්‍රවෘත්තිය, චරිත සහ රචනා උපක්‍රම ගැන ලබන සතියේ කතා කරමු-

මිනිස් වටය - එරික් ඉලයප්ආරච්චි

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment