කාක දූපත, කැලණි ගංගා මෝදර ”Clean Ocean Force” බළකායෙන් පිරිසිදු වෙයි

180

ලෝක වෙරළ පිරිසිදු කිරීමේ දිනය දා

බස්නාහිර ආණ්ඩුකාර එයාර් මාර්ෂල් රොෂාන ගුණතිලක මහතා සමග

ලෝක පවිත්‍රතා දිනය සැප්තැම්බර් මස 16 වෙනි දිනට යෙදී තිබිණි. 2008 වර්ෂයේ දී එස්තෝනියාවේ ස්වෙච්ඡා සේවකයන් 50,000 ක් එක්ව ස්වකීය රට පැය පහක් වැනි කෙටි කාලයක් තුළ පවිත්‍ර කිරීම ආදර්ශයට ගනිමින් “ලෝක පිරිසිදු කිරීමේ දිනය” මුලින්ම ආරම්භ විය. “වනාන්තර, ගංගා, වීදි සහ වෙරළේ කසළ පිරිසිදු කරමින් හා ගණ අපද්‍රව්‍ය කළමනාකරණය මගින් ලෝකය සුරකිමු – Let’s Do it World” For Managing Solid Waste and Cleaning up litter from Forests ” Rivers” Streets and Beaches˜

එසේම ලෝක වෙරළ පිරිසිදු කිරීමේ දිනය (c) ද සැප්තැම්බර් මස 16 දිනට යෙදී තිබෙන අතර මෙවර එම දිනයේ තේමාව වූයේ Sea the Change (මුහුදේ වෙනසක්) යන්නයි. මෙම දින දෙක අනුව යමින් ශ්‍රී ලංකාවද පිරිසිදු කිරීමේ දිනයට එක්වූ අතර දිවයින පුරා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා බොහෝ ආයතන, පුද්ගලයන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රමදාන කටයුතු සිදුකළහ. මේ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ වෙරළ පිරිසිදු කිරීම සඳහා සංවිධානය කර තිබූ ශ්‍රමදාන කටයුතුය.

කාක දූපත, කැලණි ගංගා මෝදර ''Clean Ocean Force'' බළකායෙන් පිරිසිදු වෙයි

කොළඹ නගරය හා තදාසන්න නගර ආශ්‍රිතව මෙවන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නගන ලද අතර, ගල්කිස්ස වෙරළ හා කැලණි ගංගා මෝදර පිහිටි කාක දූපත ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් වැඩසටහන් කිහිපයක්ම මෙදින පැවැත්විණි.

ඒ අතර විශේෂත්වයක් ගනු ලැබුවේ බස්නාහිර ආණ්ඩුකාර එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මාර්ගෝපදේශයෙන් යුතුව ක්‍රියාවට නැගෙන ”Clean Ocean Force˜ නමින් පිහිටුවා ඇති සංවිධානය මගින් ලෝක වෙරළ පිරිසිදු කිරීමේ දිනය (International Coastal Cleanup day- ICC)නිමිත්තෙන් සිදුකරන්නට යෙදුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනයි. වසර තුනකට පෙර සිට ක්‍රියාවට නැගෙන මෙම “ක්ලීන් ඕෂන් ෆෝර්ස්” බළකා වැඩසටහන මගින් බස්නාහිර පළාතට අයත් වෙරළ තීරයේ දිනපතා පිරිසිදු කිරීමේ ක්‍රියාදාමය බලගන්වා ඇති අතර, ඒ සඳහා අඩු ආදායම්ලාභී ශ්‍රමිකයන් බඳවාගෙන රැකියා අවස්ථා බිහිකරදී ඇත. රාජ්‍ය-පුද්ගලික සහයෝගය (Private-Public Partnership) මගින් දිනපතා වෙරළ පිරිසිදු කරමින් ප්ලාස්ටික් ව්‍යසනයට එරෙහිව කටයුතු කරන මෙම වෙරළ පවිත්‍රතා බළකාය පොලිතීන් – ප්ලාස්ටික් අදාළ ප්‍රතිචක්‍රීයකරණ ආයතන වෙත භාරකර, පරිසර සංරක්ෂණයට දායකත්වය සපයයි. “ක්ලීන් ඕෂන් ෆෝර්ස්” බළකායේ පරම පිවිතුරු අරමුණ “අපේ මුහුද රකිමු – අපේ වෙරළ සුරකිමු” ”save the Ocean & Save Our Beaches’ යන්න බව මෙම සංකල්පයේ සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.

කාක දූපත, කැලණි ගංගා මෝදර ''Clean Ocean Force'' බළකායෙන් පිරිසිදු වෙයි

සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු

වසර 2000 දී බස්නාහිර පළාත් පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණය අධිකාරිය සහ රාජ්‍ය-පුද්ගලික අංශ පාර්ශ්වකරුවන්ගේ දායකත්වයෙන් ආරම්භ කරන ලද “පිරිසිදු වෙරළක් හා පිරිසිදු සාගරයක්” මැයෙන් වූ වැඩසටහනට අනුව ක්‍රියාත්මක මෙම වෙරළ පිරිසිදුකිරීමේ බලමුළුව මේ අනුව බස්නාහිර පළාතේ වෙරළ පවිත්‍රතා කටයුත්තට සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටින අතර, ඉකුත් 16 වැනිදා ලෝක පවිත්‍රතා දිනයේදී මට්ටක්කුලිය – කකදූපත කැලණි ගංගා මෝදරට එකතු වූයේ “කොකා කෝලා” බීම සමාගමේ දායකත්වයද සමගිනි.

කාක දූපත, කැලණි ගංගා මෝදර ''Clean Ocean Force'' බළකායෙන් පිරිසිදු වෙයි

එසේම, මෙම Clean Ocean Force බළකාය බස්නාහිරෙන් – උතුරට තවත් පියවරක් තබමින් දැඩි සේ දූෂණයට ලක්ව ඇති යාපනයේ ගුරුනගර් ජැටිය දිනපතා පිරිසිදු කිරීමේ කාර්යයකටද තම ක්‍රියාන්විතය දීර්ඝ කර ඇති අතර, මේ වන විටත් එම කටයුතු සිදුවෙමින් පවතින බවද සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු මහතා අප සමග පැවසීය.

කාක දූපත, කැලණි ගංගා මෝදර ''Clean Ocean Force'' බළකායෙන් පිරිසිදු වෙයි

කොකා කෝලා සමාගම තම ආයතනික වගකීමක් ලෙස පොලිතීන් ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඔවුන්ගේ දෙවන වසර ක්‍රියාන්විතය මීගමුවේදී සහ තෙවැනි වසර ක්‍රියාන්විතය මෙසේ මට්ටක්කුලිය කාක දූපත ආශ්‍රිතව ක්‍රියාවට නගමින් “ක්ලීන් ඕෂන් බළකාය” සමග එක්වන්නේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් රැසකට ස්ථිර ආදායම් මාර්ගයක් බිහිකරමින් වෙරළ පවිත්‍රතාව රැකගැනීමේ හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා යොමුකිරීමේ කටයුත්තට දායකත්වය සපයමිනි. ලෝක පවිත්‍රතා දිනයේදී එම කටයුත්ත සිදුකරන ලද අතර, ගල්කිස්ස වෙරළ තීරයේදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමයේ පිරිසිදු කිරීමේ අවස්ථාවටද “ක්ලීන් ඕෂන් බළකායේ” නියෝජිතයන් එක්වූහ.

  • ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment