විල්ගමුව පොලිසියේ ගේට්ටුවේ මුරට සිටි පීසීගේ ගිනිඅවිය පැහැරගෙන ගිහින්

62

මාතලේ, විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවේ රාත්‍රි සේවයේ යෙදී සිටි කොස්තාපල්වරයකු සතුව තිබූ ටී පනස් හය ගිනි අවිය පැහැරගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම ගිනි අවිය ඊයේ (26දා) අලුයම පැහැරගෙන ගිය බවට එම නිලධාරියා විසින් විල්ගමුව පොලිසියට දැනුම් දී තිබේ.

ඔහු සතුව තිබූ ගිනිඅවිය සමග ජීව උණ්ඩ සහිත මැගසිනය මෙලෙස අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට කීය.

පෙරේදා (25දා) රාත්‍රි රාජකාරි කළ එම කොස්තාපල්වරයා තමාගේ ගිනිඅවිය පැහැරගෙන ගිය බව පැවසුවද තවදුරටත් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව එම නිලධාරියා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment