පොලිසියේ අලුත් චක්‍රලේඛයෙන් සීසර්ලාට වැඩ වරදී

190

වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් නිසා ඉදිරියේදී ලීසිං ආයතනවලට කිසිදු ආකාරයකට අත්තනෝමතිකව වාහන ලබාගැනීමක් හෝ සීසර්ලා ලවා වාහන පැහැර ගැනීමටද නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

පොලිසියේ මැදිහත්වීම පිළිබඳව මෙම චක්‍රලේඛය හරහා ඉතා පැහැදිලිව පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

තමන් විසින් මෙතෙක් ඉල්ලා සිටි චක්‍රලේඛය ආර්ටීඑම් – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට නිකුත් කර ඇති බව ද ලීසිං හා ණය වාරික ගෙවන සියලුම දෙනාට මෙය සතුටුවිය හැකි කරුණක් බව ද ඔහු තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment