බඩෝවිට අසංකගේ ගෝලයෙකු අත්අඩංගුවට

255

මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයෙකු හෙරොයින්, කේරළ ගංජා සහ ආයුධ රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (06) සිදු කළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06ක්, කේරළ ගංජා ග්‍රෑම් 10ක්, මුදල් රුපියල් 467,000ක්, කඩු 05ක් සහ උල් ආයුධයක් ද තිබුණු බව වාර්තා වේ.සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment