නිධාන මැණික කෝටි 450 කට විකුණන්න හදලා

836

නිධානයකින් ලබාගත් බවට සැකකරන විශාල ප්‍රමාණයේ රතු මැණිකක් රුපියල් කෝටි 450 කට අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු මැදවච්චියේ ගුරුකන්දේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව උප පොලිස් පරීක්‍ෂක රංගන ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ කෝටි ගණනක් වටිනා මෙම රතු මැණික මෙරටදී අලෙවි නොකර එය ඉන්දියාවට රැගෙන ගොස් අලෙවි කිරීමට සැලසුම් කරගෙන සිටි බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බිංගිරිය හා මන්දාපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කළේය. වැඩිදුර පරීක්‍ෂණ සඳහා මැණික් ගල හා සැකකරුවන් දෙදෙනා කැබිතිගොල්ලෑව පොලිසියට භාරදී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment