දේවගැති ජෙරම්ට රට යන්න අවසර

66

ප්‍රසිද්ධ දේශනයකදී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් වන පරිදි අදහස් දැක්වූයේ යැයි චෝදනා එල්ල වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට මාස තුනක කාලයක් සඳහා විදේශගත වීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03 දා) අවසර ලබා දුන්නේය. සිය සේවා දායකයා විදේශ රටවල් කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දෙමින් එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා තම අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ඊළඟ නඩු දිනය දක්වා ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයා වෙත දැනුම්දීමටද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment