ජනපති බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක…

116

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සංචාරයක නිරතවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 10 වැනිදා බටහිර ඕස්ට්‍රේ‍රලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් පිළිගනු ලැබූ ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහකට එක් වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට ලබාදිය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳවද එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි. කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගැන්වීය. අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment