ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවක

273

රටේ සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (18වැනිදා) පාසල් වේලාවෙන් පසු පස්වරු 2.00 ට කොළඹ දී දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා “දිවයින”ට පැවැසීය.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වහා ගෙදර යා යුතු බවට බල කරමින් සහ පසුගිය 09දා අරලියගහ මැඳුර ඉදිරිපිට අරගලකරුවන්ට සහ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ මහින්ද ජයසිංහ මහතා මෙසේද කියා සිටියේය.

ගෝල්ෆේස් අරගලය විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව එක හඬින් කියන්නේ හොරු ටික එපා කියලයි. හොරකම් කරපු සල්ලි දීපල්ලා කියලයි. මේ රටේ ජනතාව ඉල්ලුවේ හොරුන්ට ආපහු අගමැතිකම් දෙන්න නෙවෙයි. මේ රටේ මුළු මහත් ජනතාවගේ එකම පැතුම හොරු නැති රටක්. දූෂිතයන්ගෙන් තොර රටක්. මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය ජනතාව සමඟ එකතු වෙලා ගෝඨාභය හා රනිල් ඇතුළු හොරු ගෙදර යවන දවස වැඩි ඈතක නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment