මිනි සීරිස් වැස්සේ තෙමෙන අලුත්ම වැඩේ මෙන්න…

338

PLEASE SHARE THIS ගැන අධ්‍යක්‍ෂක ධනුෂ්ක රේමන් කතා කරයි

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ශානරයට මිනි සීරිස් වැස්සක්. ලෝකවාසී රසාස්වාදීන් වෙනුවෙන් නිර්මාණවේදීන් විස්සක් ග්‍රැබට් පුද්ගලික සමාගමේ අර්ථපතීත්වයෙන් A For Apple-Mini Series හරහා ඔබ වෙත තිළිණ කරන අලුත්ම මිනි සීරිස් එක තමයි PLEASE SHARE THIS කාන්තාවකට හෝ වේවා පිරිමියකුට හෝ වේවා අවස්ථා තුනකදී හැඟීම් පහළ වන බව මනෝ විද්‍යාඥයෝ සොයාගෙන ඇත. එනම් ආකර්ෂණය” ආදරය” විරුද්ධ ලිංගික වුවමනා වේ.

මිනි සීරිස් වැස්සේ තෙමෙන අලුත්ම වැඩේ මෙන්න…

ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ ඕනෑම ජීවියකු මෙම කාරණා තුන පිළිවෙළට නොවූවද විවිධ අවස්ථාවලදී අත්හදා බලති” අත්දැකීම් ලබති. මෙම නාට්‍යයේ විශේෂත්වය වන්නේ කාන්තාවක් එකම අවස්ථාවකදී ඉහත සඳහන් කළ කරුණු තුනම අත්හදා බලමින් ජීවිතයේ රස සොයා යෑමට ගන්නා උත්සාහයකදී ඇතිවන ගැටලුකාරී වාතාවරණයකි.

ඉතිං එය ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන එන්නේ මොන ආකාරයෙන්ද දැනගන්න PLEASE SHARE THIS හි අධ්‍යක්‍ෂ ධනුෂ්ක රේමන් සමග අල්ලාප සල්ලාපයක යෙදුණේ මෙහි පළමු කොටස මුදාහැර යූටියුබ් නැරඹුම් වාර ලක්‍ෂයකට ඔන්න මෙන්න තිබියදීය.

PLEASE SHARE THIS හි පළමු කොටසට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

ඇත්තම කියනවා නම් මේ වෙනකොට පළමු කොටසට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්සරහට බලමු. කොහොමත් කොටස් අටයිනේ එක වැඩකට තියෙන්නේ. පළමු කොටසට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම හිතනවා හොඳ ගමනක් යයි කියලා.

මිනි සීරිස් වැස්සේ තෙමෙන අලුත්ම වැඩේ මෙන්න…

ටෙලිවිෂන් ශානරයට මිනි සීරිස් වැස්සක් ගෙන එන්න හිතුවේ ඇයි?

මේක ඇත්තටම සුපුන් රත්නායකගේ අදහසක්. ඊට පස්සෙ අපි දෙන්න මේ ගැන කතාබහ කරලා නිෂ්පාදකවරයෙක් හොයා ගන්න යනකොට අපිට හම්බ වෙනවා” මේකේ අර්ථපතීත්වය දරන්න Grabit (Pvt) Ltd එක. ඒකෙ සනුෂ්කා ජයවර්ධනව හමුවෙලා තමයි අපි මුලින්ම කතා කරන්නේ. මේකෙ එක නිෂ්පාදකවරයෙක් එයා. නිශාන්ත ඩයසුයි එයයි එකතුවෙලා තමයි මේක නිෂ්පාදනය කරන්න කැමති වෙන්නේ.

මේක යූ ටියුබ් එකට කරපු වැඩක්. එහෙමද?

මෙහි පළමු සීරිස් එක සුපුන් රත්නායක අධ්‍යක්‍ෂණය කරලා තිබුණේ හියුමන් එරස් කියලා ඊට පස්සෙ මෙහි ටේ්‍රලර් එකක් දැකලා ස්වාධීන රූපවාහිනියේ වර්තමාන සභාපතිවරයා වන සුදර්ශන ගුණවර්ධන මහතා තමයි ඉල්ලුවේ අපිට මේක ලබාදෙන්න කියලා. ඒකත් එක්කයි මේ වැඩේ පටන් ගත්තේ.

සුපුන් රත්නායකගේ පිටපතක් තමයි ඔබ අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ?

සුපුන් අයියයි මායි ඉතාම හොඳ යාළුවෝ. එයාගේ වැඩේදීත් මම එයාට සෑහෙන උදව් කළා. මම හිතන්නෙ පළමු වතාවට තමයි සුපුන්ගේ පිටපතක් වෙන අධ්‍යක්‍ෂවරයකු අධ්‍යක්‍ෂණය කරන්නේ. මොකද එයාට කතාවක් ලියාගෙන යනකොට ලෝබ හිතෙනවා කාටවත් දෙන්න. අපි දෙන්නාගේ හිතවත්කමත් එක්ක සුපුන් කිව්වා මේක උඹ කරපන් කියලා.

මිනි සීරිස් වැස්සේ තෙමෙන අලුත්ම වැඩේ මෙන්න…

නළු නිළියන් තෝරා ගැනීම සිදු කළේ කොහොමද?

මම පිටපත කියවනකොටම ඔළුවට ආවෙ ශ්‍යාම් අයියව. ඊට පස්සෙ සුපුන් අයියත් එක්ක කතා කරලා පූජිත” චතුර” තරින්දි” චානු” සහන් වගේ පිරිස එකතු කර ගත්තේ.

ඇත්තටම තරින්දි මේ පිටපතට බය වුණේ නැතිද? කැමති වුණාද?

අපි තරින්දිත් එක්ක කතා කළා. අපි මේක වැරදි දෙයක් විදිහට ජනගත කරන්න හිතුවෙ නැහැ. ආදරය ඇතුළෙ ඇතිවන හැඟීම් සමුදාය මුදාහරින්න තමයි අපිට ඕනෑ වුණේ. රංගන ශිල්පිනියක් විදිහට එයා මේ වෙලාවෙ ඉන්න තැනත් එක්ක මේ ගත්තු තීරණය ගැන ඇත්තටම සතුටුයි. තරින්දිට මේ චරිතය ප්‍රශ්නයක් වුණේ නෑ.

ගිය වරට වඩා මෙවර තේමාව වෙනස්?

එක එක අධ්‍යක්‍ෂවරු එක එක ශානරයන්ගේ වැඩනෙ කරන්නේ. මම කොහොමත් ත්‍රිලර් පැත්තට කැමතියි. මනෝ විද්‍යාත්මක කාරණාත් එක්ක ත්‍රිලර් කියන ශානරයේ තමයි මේ වැඩේ කළේ.

මිනි සීරිස් වැඩේ සාර්ථකයි කියලා හිතනවාද?

ඇත්තටම මේ වැඩේ මුලින් පටන් ගනිද්දී මෙච්චර ලොකු බලාපොරොත්තුවක් අපේ හිතේ තිබුණේ නෑ. මේ යන ගමනත් එක්ක අපි සෑහෙන දුරට සාර්ථක වෙලා තිබෙනවා.

ආදරය” ලිංගිකත්වය අමු අමුවේ කතා කරනවා කියලා කවුරුවත් චෝදනා කරලා නැතිද?

එහෙම නැහැ. ආදරය සහ ලිංගිකත්වය අපි ඒක ඇතුළෙ කොයි මොහොතකවත් අමු අමුවේ කතා කරලා නැහැ. ආදරය ඇතුළෙ ලිංගිකත්වය තියෙනවා මිසක් ලිංගිකත්වය ඇතුළෙ නෙමෙයිනේ ආදරය තියෙන්නේ. එතකොට අපි ආදරය ගැන කතා කරන මාතෘකාව ඇතුළෙ ලිංගිකත්වයෙ කිසිම දෙයක් පෙන්වලා නැහැ. ලාංකීය ප්‍රේක්‍ෂකයන්ටනේ මේක කරන්නේ. හැබැයි ආදාරය ඇතුළෙ හැදෙන දේවල් ටික අපි පෙන්වන්න උත්සාහ කරනවා.

රූපවාහිනියේ පෙන්වද්දී සමහර දර්ශන ඉවත් වෙනවාද?

කොයි මොහොතකවත් දර්ශන ඉවත් වෙන්නෙ නැහැ. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමාට. මොකද ඒ ගත්තු තීරණයට. ටී වී එකේ ගනිද්දී ඒ දර්ශන පෙන්වන්න බැහැ. හැබැයි අයි ටී එන් සහ ඒ ෆෝ ඇපල් කියන යූටියුබ් නාලිකාව හරහා දර්ශන සියල්ල විකාශනය වෙනවා.

ටෙලි නාට්‍ය කලාවට මිනි සීරිස් කලාව අලුත් හැඩයක් එකතු කළාද?

සුපුන් අයියාගේ අදහසකට අනුව තමයි මිනි සීරිස් වැස්සක් අධ්‍යක්‍ෂවරු විස්සක් කියන තේමාව අරගෙන එන්නේ. අපි හිතුවට වඩා මේ වැඩේ සෑහෙන සාර්ථක වුණා. ප්‍රේක්‍ෂකයන් කැමතියි මේ මිනි සීරිස් කියන රැල්ලට.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment