හෙට ලොව ජය ගන්න දූදරුවන්ට නව පුස්තකාල ගොඩනැගිල්ලක්

89

ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරය, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ලංකාරාම විහාරය හා ෆාදර් ජෝන් මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති, කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා සංවිධායකත්වය පෙරදැරි කොට ගෙන කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ධම්මික කුරේ මහතාගේ හා එම මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ගම්පොල කහවත්ත කනිෂ්ඨ විiාලයේ සිසු දරුවන්ගේ සිහින මල් ඵලගන්වමින් ‘නව පුස්තකාල ගොඩනැගිල්ල’ සිසු අයිතියට පත් කිරීම, භන්තේ දේවානන්ද නාහිමිපාණන් හා කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ධම්මික කුරේ මහතා ඇතුළු පවුලේ අයගේ සහභාගිත්වයෙන් පසු ගිය 20දා උදෑසන සුභ මොහොතින් සිදු කෙරිණි.

හෙට ලොව ජය ගන්න දූදරුවන්ට නව පුස්තකාල ගොඩනැගිල්ලක්

මීට සමගාමීව, පාසල් දූදරුවන්, ගුරුවරුන් හා සපැමිණි සියලුම දෙනා වෙත ඇමෙරිකාවේ පදිංචි ජපානයේ හිටපු තානාපති සංජීව ගුණසේකර මහත්මා ඇතුළු සැදැහැති පින්වතුන් විසින් පරිත්‍යාගය කරන ලද සහල් හා වියළි ආහාර බෙදා දීම ද, භන්තේ දේවානන්ද නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

උපුල් රුවන්

advertistmentadvertistment
advertistmentadvertistment