ගම්පහ ආසාදිතයෝ 20000 ක් නිවෙස්වලම

111

ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 13 තුළ කොවිඞ් ආසාදිතයින් 20000 ක් පමණ නිවෙස්වල සිටින බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා ඊයේ (30* පැවසීය.

එම ආසාදිතයින්ට අමතරව දිනපතා තවත් ආසාදිතයින් එකතු වන බවත් එසේ අලූ‍තෙන් එකතු වන ආසාදිතයින්ගෙන් සමහරක් පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීමක් හෝ ආසාදිතයෙකු ලෙස ලියාපදිංචි වීමක් සිදු නොකරන හෙයින් නිවාසවල සිටින ආසාදිතයින් ප‍්‍රමාණය 20000 ක් ඉක්මවිය හැකි බවද උප සභාපතිවරයා කීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment