එන්නත් නොගත් විශ‍්‍රාමික ගුරුවරිය කොරෝනාවට බිලි

177

මල්වානේ වල්ගම ප‍්‍රදේශයේ 95 හැවිරිදි පස් දරු විශ‍්‍රාමික ගුරුවරියක් කොරෝනා වයිරසය ආසාදනයවී පෙරේදා (30දා) පස්වරුවේ මිය ගොස් ඇත.

එම විශ‍්‍රාමික ගුරුවරිය නිවෙස්දී මිය යාමෙන් පසුව සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු විණි. එම විශ‍්‍රාමික ගුරුවරිය කොරෝනා මර්දන කිසිම එන්නතක් ලබා ගෙන නැතැයිද කියති. මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වන ලද අතර බියගම පොලිසියේ පො.කො. දුෂාන්ත (15250* විසින් සාක්කි මෙහෙයවන ලදී.

දෙල්ගොඩ ඩබ්ලිව්.ඞී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment