ගජමිතුරන්ට වාසි සලසා දීම නිසා රජය ඖෂධ ප‍්‍රශ්නය විසඳීම ප‍්‍රමාද කරනවා

90

මේ වනවිට ඖෂධ ප‍්‍රශ්නය ඉතාමත්ම උග‍්‍ර තලයකට පැමිණ ඇති බවත්, ඇතැම් ඖෂධ කඩිනමින් අනුමැතියට යටත් කළ යුතු වුවත් ගජමිතුරන්ට වාසි සලසා දීම හේතුවෙන් ඒවා ප‍්‍රමාද කරන බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

රටේ ජනතාව ජීවිතයත් මරණයත් අතර බරපතළ ප‍්‍රශ්නයකට මැදිව සිටින මොහොතක ආණ්ඩුව වහාම කළ යුත්තේ ජනතාවගේ ජීවත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවීම බව විපක්ෂ නායකවරයා පැවසූ අතර ආර්ථික වශයෙන් කඩාවැටී ඇති රට ගොඩනැංවීම වෙනුවෙන් රාජ්‍යතාන්ත‍්‍රිකව ලෝකය සමග කටයුතු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් තම පූර්ණ සහාය ලබා දෙන බවත් කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (31 දා) පෙරවරුවේ ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහනට එක්වෙමිනි. කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට මෙහෙවරක් කළ යුතු යැයි අපේක්ෂාවෙන් යුතුව ‘විපක්ෂයෙන් හුස්මක්’ සහ ‘ජනසුවය’ සමාජ සත්කාර වැඩසටහන ඒකාබද්ධව රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ 23 වන පියවර ඊයේ පැවැත්විණි.

ඒ අනුව රු. හතළිස් හත් ලක්ෂ පනස් දහසක් (රු.4,750,000.00) වටිනා වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් මාතලේ දිස්ත‍්‍රික් ප‍්‍රධාන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හේමන්ත ජයතිලක මහතා වෙත විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

ඊට මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී විජේරත්න, හිටපු අමාත්‍ය රංජිත් අලූවිහාරේ, හිටපු අමාත්‍ය වසන්ත අලූවිහාරේ, දඹුල්ල සමගි ජන බලවේගයේ ආසන සංවිධායක දයා නන්දසිරි, සහාය සංවිධායක මංගල ප‍්‍රියශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසගේ මූලිකත්වයද මෙහිදී විශේෂ විය. මීට පෙර අවස්ථා 22කදී මිලියන 64ක (රු.64,124,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment