හදිසි මිලදී ගැනීම් විශාල මුදල් නාස්තියක්: ලබන වසරේ ඖෂධ හිඟය අදට වඩා දරුණු වෙයි – GMOA කියයි

92

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර හදිසි මිලදී ගැනීම් සඳහා යොමුවීමෙන් මහජන මුදල් විනාශවීමෙන් ලබන වසරේ අදට වඩා දරුණු ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය සංගමය ඉකුත් දෙසැම්බරයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඖෂධ මිලදී ගැනීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස හයකින් ආරම්භ කරන බවට ලබාදුන් පොරොන්දුව ඇමැතිවරයා විසින් මේ වනවිට උල්ලංඝනය කර ඇතැයි ද එම සංගමය චෝදනා කරයි.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය අනුව ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සහ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ද ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (24 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 67 ක් ලැබී ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවත් රුපියල් සියයේ බෙහෙත් පෙත්තකට රුපියල් දහසක් වැය කිරීමෙන් සාමාන්‍ය ප්‍රසම්පාදනය උල්ලංඝනය වන නිසා බිලියන 30 ක ඖෂධ මෙරටට ගෙන ඒම සැක සහිත බව ද හෙතෙම සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment