රග්බි කණ්ඩායම ආසියානු ඔලිම්පික් ධජය යටතේ අද පිටියට

106

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක Nipon Paint ආයතනයේ සාමාන්‍යධිකාරී නේමන්ත අබේසිංහ මහතා විසින් කණ්ඩායමට අදාළ අනුග්‍රාහක චෙක් පත නායක තරින්ද රත්වත්තේ වෙත ප්‍රදානය කරන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා රග්බි උප සභාපති රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි සහ කණ්ඩායම් ප්‍රධානී නලින් ද සිල්වා යන මහත්වරු ද ඡායාරූපයේ දැක්වෙති. මෙම තරගාවලියේ සම අනුග්‍රාහකයන් ලෙස Webxpay,Ceylon- Agro Industries Limited (Kottu Mee) සහ Sinatute (Hameedia) යන ආයතන කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි 7 කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ “බී” කාණ්ඩය යටතේ අද (24 වැනිදා) තරග දෙකකට මුහුණ දීමට නියමිතය.

ඒ චීන තායිපේ කණ්ඩායම සමග සහ දකුණු කොරියා කණ්ඩායම හමුවේ ය.

පළමු තරගය චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.55 ට පැවැත්වේ. දකුණු කොරියාව සමග තරගය රාත්‍රී 9.25 ට පැවැත්වේ.

ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා ඇති හෙයින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග වදී.

advertistmentadvertistment
advertistmentadvertistment