විදුහල්පතිගේ ‘හලෝ’ එකෙන් දැරියගේ රංගනය හමාරවෙලා

468

වයස අවුරුදු 13 ක බාලවයස්කාර පාසල් දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයට ලක් කළ 17 හැවිරිදි පාසල් සිසුවකු 13 දා අත්අඩංගුවට ගත් බව මහවිලච්චිය පොලිසිය පවසයි.

වින්දිත දැරිය පාසල් යන බව, සිය මවට පවසා 13දා උදෑසන නිවසින් පිටව ගොස් ඇති බවත් විදුහල්පතිවරයා විසින් දුරකථන ඇමතුමක් ලබාදී දියණිය පාසල් නොපැමිණි බවට මවට සිදුකළ දැනුම් දීමකට අනුව මෙම සිද්ධිය අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

නිවසින් පැමිණි වින්දිත දැරිය පාසල ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පෙම්වතා සමග අතහැර දැමූ නිවසකට ගොස් පාසල් නිල ඇඳුම මාරු කර තිබේ. එම අවස්ථාවේදී පෙම්වතා සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව දැරිය සිදුකළ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

පාසල් අවසන් වන වේලාව වන විට නැවතත් නිල ඇඳුමින් පාසල අසලට පැමිණ සිටියදී ඥාතියකුට හමුව තිබූ බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකාර බාලවයස්කාර පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment