මහනුවර මහ නගර සභාවේ අමුතු වැටුප් ගෙවිල්ලක්

461


මහනුවර මහ නගර සභාවේ සේවය කරමින් සිට සේවය හැරගිය සුළු සේවකයෙකුට වසර හතරක කාලයක් තිස්සේ වැටුප් ලෙස ඔහු ගේ ගිණුමට රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැරකර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නගර සභා පරිපාලනයේ සිදුව ඇති මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කාර්යාලය දැනුවත් කළ බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

2019 වසරේ අප්‍රේල් මස 02 වැනි නගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ සේවයට එක්ව ඇති මොහු එම වසරේ ජූලි මස ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාරුකර ඇත.

ජල කර්මාන්ත දෙපාර්තුමේන්තුවේ සිට ඝන අපද්‍රව්‍ය අංශය වෙත මාර කිරීමෙන් පසු මෙම සුළු සේවකයා සේවය හැරගිය ගොස් තිබේ.

එහි සේවය කිරීමට අකමැත්ත දක්වමින් 2019 අගෝස්තු මස 08 දින ඔහු සේවය අතහැර ගොස් ඇත.

නොදන්වා සේවයට වාර්තා නොකිරීමේ පදනම මත ඝන අපද්‍රව්‍ය අංශය මගින් මොහුගේ වැඩ තහනම් කිරීමේ ලිපියක් ද නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇතත් 2019 අප්‍රේල් 02 සිට 2023 අගෝස්තු මාසය දක්වාම නගර සභාව මගින් අඛන්ඩව මාසික වැටුපක් ගෙවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment