බණ්ඩාරනායක ජන්ම දිනයෙන් ශ්‍රීලනිපය ඡන්ද වැඩ අරඹයි

53

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය යෙදෙන හෙට (08 දා) සිය පක්ෂයේ ඉදිරි ජාතික මැතිවරණයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගෙන ගොඩනඟන ශක්තිමත් සන්ධානයක් යටතේ මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණවලට මුහුණ දීමට කටයුතු කරන බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එහි ආරම්භය හෙට දින පවත්වන පක්ෂ විධායක සභාවෙන් ගන්නා බවත් එහිදී මැතිවරණ කටයුතු ඉදිරියට කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment