‘ඩැට්’ දොස්තරලාට විතරයි වෘත්තීය සටන අසාධාරණයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

101

වෛද්‍ය නිලධාරීන්ට ලබාදෙන බාධා කිරීම් හා ප්‍රවාහන විශේෂ දීමනාව (ඩැට්) සෞඛ්‍ය අංශයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන එකක් බැවින් සෞඛ්‍ය වෘත්තීය සමිති ගෙනයන සටන ඉතා අසාධාරණ යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ. ඩී. කේ. එස්. එන්. ජයවර්ධන සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර තිබෙන නිවේදනයකට අනුව මෙම ඩැට් දීමනාව වෛද්‍යවරුන්ට පමණක් හිමි විශේෂිත දීමනාවක් යැයි අවධාරණය කර ඇත.

සමාන්තර වෛද්‍ය නොවන රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන්ට දැනට ලැබෙන ප්‍රවාහන දීමනාව පමණක් (වාහන, රියැදුරු සහ ඉන්ධන) රුපියල් 90,000 ක අගයක් ඉක්මවන බවද එම සංගමය කියා සිටී.

වෛද්‍යවරුන්ට ගෙවනු ලබන ඩැට් දීමනාව රුපියල් 35,000 සිට 70,000 දක්වා ඉහළ දැමීම විෂමතාවයේ අර්ධ නිවැරදි කිරීමක් වුවත් එය නිවැරදි දිශාවට ගත් තීරණයක් යැයි ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින හෙදියන්, පරිපූරක වෛද්‍ය සේවකයන් ආදී අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා මෙම දීමනාව ගෙව්වහොත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් සහ වගකීම් පිළිබඳ මූලධර්ම උල්ලංඝනය වන තරමට ගැටලුකාරී වන බවද සංගමය කියා සිටී.

ශිරන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment