ආධුනික එල්ලේ තරගමාලාවකට පියවර

55

එල්ලේ ක්‍රීඩාව සුරැකීමේ ප්‍රවීණයන්ගේ සංගමය මගින් ප්‍රථම වරට මෙහෙයවනු ලබන, ආරාධිත ආධුනික එල්ලේ ශූරතා තරග මාලාව සඳහා දැන් ක්‍රීඩා කණ්ඩායම් හඳුනා ගැනීමේ කටයුතු සිදුකෙරේ.

දිවයිනේ දැනට ස්ථාපිත කර ඇති, ආධුනික ක්‍රීඩා සමාජ සහ එම ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කරන ආධුනික ක්‍රීඩකයන්ට පමණක් මේ තරග මාලාවට ඇතුළත් වීමට අවසර ලැබීම විශේෂත්වයකි.

දැනට හඳුනාගෙන ඇති ප්‍රවීණ කණ්ඩායම්වලට සහ එම කණ්ඩායම් නියෝජනය කරන කිසිදු ප්‍රවීණ ක්‍රීඩකයකුට මෙම තරග මාලාවට ඇතුළත් වීමට අවසර නොලැබෙන අතර මුදලින් ත්‍යාග, වටිනා ජය සංකේත, කුසලතා සහතික පත්‍ර පිරිනැමීමට ප්‍රවීණයන්ගේ සංගමය සැලසුම් කර ඇත.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment