සත්කාරක දකුණු අප්‍රිකාවෙන් ලකුණු 233 ක ඉලක්කයක්

356

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරගය ලෙස සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ (02 වැනිදා) පැවති තරඟයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 233 ක ඉලක්කයක් හිමි විය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 50 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 232 ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ලුහාන් ඩි ප්‍රිටෝරියස් ලකුණු 71 ක් ලබා ගැනීමට සමත් වූයේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මල්ෂ තරුපති, විශ්ව ලහිරු සහ සුපුන් වඩුගේ කඩුළු දෙක බැගින් බිඳ දැමූහ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 103 දී බිඳ වැටුණද අනතුරුව ඔවුන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස්කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment